කෝපි වේලන්න කලින් තම්බනවද ?

කඩාගන්න ඕනේ ඉදුනු කෝපි ගෙඩි විතර ද ?
අමු කෝපි ගෙඩි කඩන්න එපා ද ?
එකවර ඉදෙන කෝපි ප්‍රභේදයක් තියනව ද?
කෝපි අස්වනු නෙලන තැන ඉඳන් අස්වනු නිවැරදිව සකස් කරගන්නකන්, එන ප්‍රශ්න කීපයක් තමයි මේ?
බලමු සරලවම උත්තර ටික ..

ඉදුනු කෝපි ගෙඩිම අස්වනු ලෙසින් නෙලා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා ...
එමඟින් වඩාත් ගුණාත්මක නිෂ්පාදනයක් සකස්කර ගැනීමට හැකියාව ලැබෙනවා ...
(වඩාත් ගුණාත්මක නිෂ්පාදන ක්‍රමයක් වන්නේ තෙත් ක්‍රමයට කෝපි සකස් කිරීම වන අතර ඒ සඳහා වඩා හොඳින් කෝපි ගෙඩි ඉදී තිබීම වැදගත් වෙනවා )
අමු කෝපි ගෙඩි නෙලා ගැනීම ගුණාත්මක නිෂ්පාදයකට බාධාවක්වනවා ...
එම නිසාවෙන් කෝපි අස්වනු නෙලීම කලයුතු වන්නේ අවම වශයෙන් වාර තුනකටවත් ය ...
පලමු වටයේදී හා දෙවන වටයේදී ඉතා හොඳින් ඉදුනු කෝපි ගෙඩි අස්වනු ලෙසින් නෙලා ගතයුතු අතර තෙවන අවස්තාවේදී හොඳින් ඉඳුනු හා හොඳින් පැසුනු වගේම තවත් අවස්තාවකදී නෙලීමට අපහසුම නම් පමනක් කොල පැහැති පැසුනු ගෙඩි නෙලා ගත හැකිය ...
මෙම ගෙඩි වර්ග කර වෙන් වෙන්ව අස්වනු සැකසීමෙන් ගුණාත්මක බව රැක ගැනීමට වගබලා ගතයුතුය ...
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වාදුන් "ලක්පැරකුම්" කෝපි ප්‍රභේදයේ කෝපි අස්වනු එකවර ඉදෙන නිසාවෙන් එකවර අස්වනු නෙලා ගත හැකි බව බොහෝ දෙනෙකු සිතා සිටිනා කාරණාවක්...
ඇත්තටම වෙන්නේ මේ "ලක්පැරකුම්" කෝපි ප්‍රභේදයේ පලමු වටයේ ඉදෙන කෝපි ගෙඩි නටුවෙන් නොහැලී පැවතීම නිසාවෙන් තුන්වන වටයට කැඩීමට සිදුවන කෝපි ගෙඩිද ඉදෙන තෙක් ගසේම ඉදී පැවතීමයි ...
එම නිසා මුළු ගසේම අස්වැන්න එකවර නෙලා ගැනීමට හැකිවීම වඩාත් පහසුවක් වී තිබෙනවා ...
කෝපි අස්වනු වේලන්න කලින් තම්බන අයත් සමාජයේ බහුලව හමුවනවා ...
ඒ නම් හොඳ ක්‍රියාවක් නෙමෙයි... එහෙම තම්බන්නේ යහපත් අරමුණක් නිසාවෙනුත් නෙමෙයි...
එලෙස තැම්බීම සිදු කරන්නේ අමු කෝපි ගෙඩියි ...
එලෙසින් අමු කෝපි ගෙඩි තැම්බීම මඟින්, අමු ගෙඩිවලට ආවේණික නොවන තද ගතියක් ඇතිවෙනවා ...
ඒ ඇතිවෙන තද ගතිය ප්‍රයෝජනයට ගනිමින් ඉදුනු ගෙඩි සමඟින්ම තැම්බූ අමු ගෙඩි වියළා වෙළඳපලට යැවීමට ඇතැමුන් ක්‍රියා කරනවා..

නමුත් මතකතබා ගතයුතුයි
එමඟින්,
සමස්ථ කෝපි අවැන්නෙහිම,
ගුණාත්මය අඩුවන බවත්,
රසය අඩුවන බවත්,
අස්වනු ප්‍රතික්ෂේප වීම වන බවත්,
කල්තබා ගැනීමට අපහසු බවත්,
යහපත් ශ්‍රේණි කිරීමකට නොහැකිව මිල අඩුවන බවත් ...
නිවැරදිව කෝපි ගැන දැනගන "අතමිට සරු හෙට දිනකට" පා තබමු ...

සටහන,
එච්. ඒ. එල්. සමිත්‍රී
ව්‍යාප්ති නිලධාරි
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
උපුටාගැනීම - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුවෙන්...

Chat with us!
WhatsApp Icon