ඇයි මේ වේලෙන්නේ ?
මේ දවස්වල අහන්න , දකින්න ලැබෙන ගැටලුවක් ...
කරාඹු මල් පොහොට්ටු නිකන්ම වේළිලා ...
මොනව වෙලාද මේ ?
දිලීරයක්ද?
පළිබෝධ හානියක් ද?
හිතා ගන්න බෑ නේද?
ඇත්තටම මේ වෙලා තියෙන්නේ දිලීර ආසාධනයක්වත්, පළිබෝධ හානියක්වත් නෙමෙයි ...
මේ දවස්වල පවතින කාළගුණික තත්වය නිසාම වෙලා තියන දෙයක් ...
මේ දවස්වල උදෑසන කාලයේ පරිසරයේ පවතින මීදුම් ගතිය ( Mist Condition ) නිසා, එහෙමත් නැතිනම් පරිසරයේ පවතින ආර්ද්‍රතාවයේ වෙනස නිසා ඇතිවෙන සිදුවීමක් ...
උදෑසන පවතින මීදුම් ගතියට පස්සේ ලැබෙන හිරු එළිය එක්කම කරාඹු ශාකයේ භෞතිකව සිදුවන වෙනස්කමක් එහෙමත් නැතිනම් ශාකයේ කරාඹු මල් පිළිස්සීමක් තමයි මේ වෙලා තියෙන්නේ ...
පහුගිය කාල වකවානුවේ පැවති අධික වර්ෂාවත් එක්ක මේ වෙද්දී මීදුම් ගතිය වැඩි වීම නිසාවෙන්ම බහුලව මේ තත්වය වාර්ථාවෙමින් පවතිනවා ...
කාළගුණික විපර්යාසයන් නිසා භෞතිකව කරාඹු ශාකයේ ඇතීවී තියෙන මෙම තත්වයට පිළියම් යෙදීම කල නොහැකිවීම කණගාටුවට කරුණක් ...
මීදුම් ගතිය පහව යාමත් සමඟ මෙම ගැටලුව ස්වාභාවිකවම නිරාකරණය වෙනවා ...
අදාල කරුණු සපයාදුන් මාතලේ මධ්‍යම පර්‍යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රෝහණ විජේකෝන් මහතාට විශේෂ ස්තූතිය ...
සටහන,
එච්. ඒ. එල්. සමිත්‍රී
ව්‍යාප්ති නිලධාරි
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
උපුටාගැනීම - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුවෙන්...

12
Dec