සල්ලි මවන කළු බුලත් ....
මොනවද මේ ? කළු බුලත් හා පාට බුලත් ....
බොහෝ දෙනෙකු නිතරම විමසන, ඔවුන් අතර පවතින වැරදි මතයක් නිවැරදි කිරීම මෙම ලිපිය මගින් බලාපොරොත්තු වෙනවා...
බුලත් බෝගය පිළිබදව සලකා බැලූවිට ශ්‍රී ලංකාවේ බුලත් ප්‍රභේද හා වගා දර්ශ විදිහට,
මානේරු
රටදළු
ගල්දළු
ගැට තෝඩු
ගැරඩි මානේරු
නාගවල්ලි
නාරම් - මලී හා නාරම් - රතී (අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දුන් උසස් ගුණාත්මයෙන් යුත් වරණ දෙකකි)
ආර්ථික වටිනාකමක් නැති බුලත් වගා දර්ශ විදිහට,
මැටිපලා
මල බුලත්
හදුන්වන්න පුළුවන්....
මීට අමතරව පාට බුලත්, කළු බුලත් , ගස් බුලත් විදිහට වෙනමම වර්ග හෝ ප්‍රභේද පවතින බවට ජනතාව අතර වැරදි මතයක් පවතිනවා...
ඇත්තටම මෙලෙස පාට බුලත්, කළු බුලත් , ගස් බුලත් විදිහට වෙනමම වර්ග හෝ ප්‍රභේද පවතින්නේ නෑ...
බුලත් කොලයේ පවතින ලා කොළ පැහැය, තද කොළ පැහැය මත මේ නම් ලබාදීම සිදුකර ඇති බව පෙනෙනවා...
රට දළු, මානේරු යන වගා දර්ශයන්ගෙන්ම,
අස්වනු නෙලන කාල දෙකක් අතර පරතරය වෙනස් කරමින් ( මෝරන කාලය වෙනස් කරමින්),
ලබාදෙන සෙවන තත්වය වෙනස් කරමින්,
ඇතැම් විට වගාවට ලබාදෙන පොහොර මිශ්‍රණයන්හි මැග්නීසියම් ප්‍රමාණය ගැලපෙන තරමක් ලබාදෙමින්
බුලත් වල ලා පාට (පාට බුලත්) , තද කොළ පැහැය (කළු බුලත්) බව ඇති කර ගැනීම කරනු ලබනවා...
ලංකාවේ වෙලදපල තුල බහුලව පාට බුලත් හා අපනයනය සදහා කළු බුලත් ලෙස ප්‍රාධනවම වෙන්වී අලෙවි වනු ලබනවා...
ඊට හේතු වන්නේ දේශීය ජනතාව මේරුමෙන් අඩු බුලත් කොල සැපීම හා විදේශ රටවල ජනතාව මේරුමෙන් වැඩි (සැර වැඩි වීමක් මේරුම වැඩිවීමේදී සිදුවේ) බුලත් කොල සැපීමට පුරුදුවී සිටීම එක් කාරණාවක් වීමයි...
පාට බුලත් ලබා ගැනීමට සති දෙකකට වරක් අඩු මේරුමෙන් යුතුව බුලත් අස්වනු නෙලනු ලබන අතර කළු බුලත් ලබා ගැනීමට සති තුනක් වැනි වැඩි මේරුමක් සහිතව බුලත් අස්වනු නෙලනු ලබනවා...
කළු බුලත් සදහා අස්වනු නෙලන්නේ නම් වගාව තුල 45% පමණ සෙවන තත්ත්වයක් පැවතීම ද පාට බුලත් ලෙස අස්වනු නෙලන්නේනම් ඊට අඩු සෙවන තත්වයක් පැවතීමද හේතු වෙනවා...
මැග්නීසියම් ලබාදීම මගිනුත් කොළ වල තද පැහැ බව වැඩිකර ගැනීමට හැකියාවක් පවතිනවා... වියළි ගොම පොහොර බුලත් වගාවට උචිතම කාබනික පොහොර වෙනවා...
එමෙන්ම ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන සියලු බුලත් ප්‍රභේදවල අන්තර්ගත ප්‍රධාන සංඝටකය වන්නේ "සැෆ්රෝල්" වන අතර වැඩියෙන් මේරීමේදී එම රසායනිකයේ ඉහලම ගුණාත්මක බවක් පෙන්වමින් රසයේ තිව්‍රර තාවයද වැඩියෙන් දැනෙනු ලබයි... (ගස් බුලත් සැපීමෙන් කට පැලෙන බව පවසන්නේ මෙලෙස මේරුමෙන් වැඩි කොල වැලෙහි නිරන්තරයෙන් පැවතීම නිසාවෙනුයි)
ඒ වගේම තමයි "ගස් බුලත්" ලෙස ව්‍යවහාරයේ පවතින්නේ මේ කුමන හෝ ප්‍රභේදයක් ගස් වලට යවා වගා කිරීමෙන් පසු ජනතාව විසින් ඊට ලබා දුන් නාමයයි... නිවැරදි කාලාන්තරයකින් අස්වනු නෙලීම නොකර අවශ්‍ය වූ විටදී සැපීමට කොල කඩා ගන්නා නිසා වැඩි මේරුමෙන් යුක්තවී සැර වැඩි කොළ නිරන්තරයෙන් මේ වැලෙහි පවතිනවා... ගස් බුලත් සෑපීමෙන් කට පැලෙන බව පවසන්නේ මේ නිසාවෙනුයි...
මේ ආකාරයට,
පාට බුලත්, කළු බුලත් , ගස් බුලත් විදිහට වෙනමම වර්ග හෝ ප්‍රභේද පවතින්නේ නැති අතර, එලෙස නම් ලබාදීමට හේතුව ඔබට අවබෝධය වන්නට ඇතැයි සිතනවා...
සටහන,
එච්. ඒ. එල්. සමිත්‍රී
ව්‍යාප්ති නිලධාරි
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
උපුටාගැනීම - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුවෙන්...

16
Dec