කහ සහ ඉගුරු අස්වනු නෙලීම...
ඉගුරු සහ කහ අස්වනු නෙලීම ගැන පුංචි කරුණු ටිකක් කියන්න සුදුසු කාලෙ කියල හිතුනා...
මොකද, බොහෝ පිරිසක් මේ වෙද්දී දැඩි උනන්දුවකින් සිටුවීමට බීජ කහ සහ බීජ ඉගුරු හොයන නිසාවෙන් වගා කර ඇති පිරිස වැඩි මුදලකට අලෙවි කිරීම හෝ වෙනයම් කාරණා නිසාවෙන් නියමිත අස්වනු නෙලිය යුතු කාලයට පෙර අස්වනු නෙලීමට පෙළඹී සිටිනවා...
එය නිවැරදි නොවන්නක්... එවැනි බීජ ලබාගන සිටුවන වගා කරුවන් අපහසුතාවයට පත්වන්නාසේම, අස්වනු වල අඩු ගුණාත්මක බව නිසාවෙන් මිලදී ගැනීම් ප්‍රතික්ෂේප වීම් සිදුවීම වැනි බොහෝ හේතු නිසාවෙන් සමාකාරව මුළු රටටම එහි පාඩුව විදීමට සිදුවනවා...
කියවල බලන්න ඔයාල දන්න දේවල්ම තමයි මෙහි සදහන් වන්නේ...
ඔයාල දන්නවනේ හිටවල මාස 9 - 10 කින් පමණ තමයි ඉගුරු සහ කහ අස්වනු නෙලන්න සුදුසු කියලා...
ඉගුරු සහ කහ පදුරු ස්වාභාවිකවම කහ පාට වෙලා, මැරීගෙන පත්‍ර කඩා හැලෙනවා ගලවන්න සුදුසුම කාලෙ වෙද්දි...
ඒ කියන්නේ මාස 10 පහුවෙද්දි..(ඇතැම් අවස්ථාවල මීට වඩා තරමක් කාලය ගත්වීමටත් ඉඩ තියෙනවා පදුරු මියයාමට) මේ කාලෙ වෙද්දි තමයි සුදුසු විදිහට අල මෝරල තියෙන්නේ...
මෙහිදී කාල වකවානූවල තරමක වෙනස් වීමක් ඔබ දැක තිබීමට පුළුවන් නමුත් මම සදහන් කල කාල සීමාව පමණක්ම මෙහි සදහන් කිරීමට මා අදහස් කරනුයේ වැරදි අවබෝධයකින් අස්වනු කලින් නෙලීමට පෙලඹිය හැකි නිසාවෙනුයි...
අමු ඉගුරු, වියලි ඉගුරු හා බීජ ඉගුරු නිෂ්පාදන සදහා සුදුසුම මෙන්න මේ නියමිත කාලයයි..
කහ බීජ අල සදහාත්, නිෂ්පාදන සදහාත් ඒ ආකරයෙන්මයි...
ඒ වගේම අස්වැන්න වැඩියෙන් ගන්නත්, වැඩි කාලයක් කල්තබා ගන්නත් නිවැරදි කාලයේදී අස්වනු නෙලීම නිසාවෙන් පුලුවන් වෙනවා...
මේ ඉගුරු අස්වැන්න නෙලන අවස්තාව ඉගුරු ප්‍රභේදය වගේම ඒවා ප්‍රයෝජනයට ගන්න ආකරය අනුව තීරණය කරන අවස්ථාත් තියනවා...(පෙර කී පරිදිම ඒ පිළිබද වැඩි දුර සදහන් නොකරන්නේ ඒ අනුව අස්වනු නියමිත කාලයට ප්‍රථම ගැලවීමට වැරදි අවබෝධයක් ඇතිවිය හැකි නිසාවෙන්) නැවත නැවතත් සදහන් කරනුයේ නියමිත ගුණාත්මයෙන්, සිටුවීමට සුදුසු බීජ අල ලෙසින්, නිෂ්පාදනයන්ට සුදුසු ආකාරයෙන්, වැඩි මිලකට අලෙවිය සදහාත් ඔබේ අස්වනු නියමිත කාලය සම්පූර්ණ වීමෙන්ම ගැලවීමටම කාරුණික වන ලෙසයි....
එසේ නොවුන හොත් බීජ අල හිගවීම, ලපටි බීජ සිටුවීමෙන් ලැබෙන වගාවේ දුර්වල භාවය, අගය එකතු කල නිෂ්පාදනයන්හි අඩු ගුණාත්මක බව යන ගැටලු රාශියක් පැන නැගීම සිදුවනවා...
තවත් දෙයක් තමයි පසෙහි තරමක තෙතමනය තියෙද්දි අස්වනු නෙලීමටත්, ඒ සදහා උදලු මුල්ලුවක් භාවිතා කිරීමටත් අමතක කරන්න එපා....

සටහන,
එච්. ඒ. එල්. සමිත්‍රී
ව්‍යාප්ති නිලධාරි
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
උපුටාගැනීම - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුවෙන්...

Chat with us!
WhatsApp Icon