හැමෝම අහන මොකක් ද මේ ?
ගම්මිරිස් " කොළම් " ක්‍රමය
සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට,
ඔබේ ගෙවත්තටත් ගම්මිරිස් කුළුණක් ...
බොහෝවිට ගම්මිරිස් සිටුවීම සිදු කරන්නේ සජීවී ආධාරකයක් උපයෝගී කරගෙනයි ...
සජිවී ආධාරකයක් ලෙස ග්ලිරිසීඩියා ශාකය බහුලව යොදාගන්නා බව නොරහසක් ...
අද දවසේ මේ සටහන ඉන් ඔබ්බට තබන්නට බලාපොරොත්තු වෙනවා ...
සජීවී අධාරකයක් වෙනුවට අජිවී ආධාරකයක් වෙන කොන්ක්‍රීට් කණු වල ගම්මිරිස් වගා කලහැක්කේ කෙසේ ද යන්න සරලව කතා බහකරල බලමු ...
ක්ෂේත්‍ර සකස් කරගැනීම
පැල, පේළි අතර පරතරය අඩි අටක් තබා ගැනීම ප්‍රණවත් වෙනවා ...
අඩි දහය , අට උනත් යෝග්‍ය වෙනවා ...
දිග, පළල, ගැඹුර අඩි එකහමාර වෙන වලක් කපා ගතයුතු වෙනවා ...
කොන්ක්‍රීට් කණු සකසා ගැනීම
කොන්ක්‍රීට් කණුව විෂ්කම්භය අඟල් 6 – 8 ක් විතර වෙන උස අඩි 15 ක් වගේ වෙන්න හදාගතයුතු වෙනවා ...
මේ කොන්ක්‍රීට් කණු හොඳට හයිය තියෙන්න හදාගන්න වග බලාගන්න ඕනේ ...
මෙම කණුව සකස් කරගත්ත වලෙහි තවත් අඩි බාගයක්වත් යටට සිටුවීම වඩා වැදගත් වෙනවා ...
ඒ කියන්නේ පොළව යටට අඩි දෙකක් වත් වලල ගන්න ඕනේ, වලේ හරි මැදින් ...
එතකොට පොළොවෙන් උඩට අඩි 13 ක් ඉතිරියි කණුව ...
කණුව හදාගත්තට පස්සේ කරන්න තියෙන්නෙ ඒකට කම්බි දැල් කූඩුවක් වටේට සවිකරගන්න එක ...
මේකට සෙන්ටිමීටර් 1 x 1 වගේ කොටු තියෙන ප්ලාස්ටික් කෝටඩ් කම්බි දැල් ගන්න එහෙමත් නැත්නම් මලකඩ නොකන ලෝහයකින් හදපු දැල් වෙන එක වඩාත් හොඳයි ...<
( කොළ පාටින් කෝටඩ් කරපු කම්බි දැල් ඔබ දැක ඇති )
මෙම කම්බි දැල් කාලයක් පවතින ඒවා වීම අත්‍යාවශ්‍ය වෙනවා ...
එසේ නැත්නම්, කම්බි දිරායාමෙන් එහි පිරවූ මිශ්‍රයණය හැලී යනවා ...
අවසානයේදී ගම්මිරිස් වැලට නිසි ආධාරකයක් නැති නිසා ගැලවී වැටෙන්න පුලුවන් ...
ඒ වගේම කොලම් එක මුදුණතටම ගම්මිරිස් වැල වැඩුණු පසු ඒවායේ නඩත්තු කටයුතු කිරීමත් අපහසුවෙනවා ...
සවිකරගන්නා දැල් කූඩුව සහ කණුව අතර අඟල් 2 – 3 ක වගේ පරතරයක් තියෙන්නට අවශ්‍යයි ...
දැලක උස අඩි 3 - 4 වෙන හින්දා කණුවෙ උඩට මෙවැනි දැල් තට්ටු 3 - 4 සවිකරගන්න වෙනවා ...
දැල් තට්ටු කණුවේ සම්පූර්ණ උසට මුලින්ම හදාගන්නඕනෙ වෙන්නෙ නෑ ...
පියවරෙන් පියවර කරන්න පුළුවන් ...
මුලින්ම පළවෙනි අඩි 3 කොන්ක්‍රීට් කණුව වටේ කවාකාරව හදාගෙන ඒකට වැලි: කොහුබත්: මැටල් චිප් සමාන අනුපාතවලින් මිශ්‍ර කරගත් පිරවුමක් දාගන්න ඕනේ ...
කොම්පොස්ට් : පස් මිශ්‍රණයක් උවද භාවිතා කරන්න පුළුවන් ...
මිශ්‍රණය කම්බි දැළ සහ කණුව අතර හිඩසේ හොඳින් තද වෙන විදිහට පුරවගන්න ඕනේ ...
මෙහෙම හදාගත්ත කොළම් එකක ගම්මිරිස් පැල සිටව ගන්න පුළුවන් ...
ගම්මිරිස් පැල සිටුවා ගැනීම
සාම්ප්‍රදායික ක්‍රමයේදීවගේම ක්‍රමාණුකූලව නිවැරදිව, වල පුරවා ගැනීම කලයුතු වෙනවා ...
කොළම් එකට හදාගන්න වඩාත් සුදුසු වෙන්නේ මුදුන් රිකිළි ගම්මිරිස් පැළ ...
කොළම් එකකට ගම්මිරිස් පැල දෙකක් හෝ උපරිම තුනක් සිටව ගන්නත් පුළුවන් ...
නඩත්තුව
සිටුවා ගත්ත ගම්මිරිස් පැළ මාස 4 – 5 ක් වගේ වෙනකොට හොඳින් දළු දාල, කම්බි දැල් කූඩුව මත වර්ධනය වෙනවා ...
ගම්මිරිස් පැල අඩි 3- 4 වගේ මට්ටමට වර්ධයන වුනාට පස්සේ , කොලම් එකේ කම්බිවල් දෙවනි ටට්ටුව සකස් කරගන්න පුළුවන් ...
ඒ විදියට පියවරෙන් පියවර කණුව මුදුණ තෙක්ම කම්බි තට්ටුවෙන් තට්ටුවට හදාගෙන ගම්මිරිස් වැල් ටික ඒවාට පුරුදු කරගන්න පුළුවන් ..
සාම්ප්‍රදායික ගම්මිරිස් වගා ක්‍රම වලට වඩා මෙම ක්‍රමයේදී ආයෝජනය කළ යුතු වියදම් වැඩියි ...
ඒ වගේම වගාව කරගෙන යාමේදී පොහොර, ජල සම්පාදනය, අතිරේක සෙවණ සැපයීම වගේ දේවල් වලිනුත් වියදම් එකතු වෙන්න පුලුවන්....
කොන්ක්‍රීට් කණුව වෙනුවට කොන්ක්‍රීට් පිරවූ PVC බට උනත් භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා ...
වියට්නාම් , ඉන්දුනීසියා වැනි රටවල බොහෝ ප්‍රචලිත මෙම " කොළම් ක්‍රමය " ඔබටත් අත්හදා බලන්න පුළුවන් ...
මෙවැනි ගම්මිරිස් කොළම් ආදර්ශන වගාවන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, මාතලේ - ජාතික කුළුබඩු උද්‍යානයේදී දැක ගැනීමට ඔබට පුළුවන්කම තියෙනවා ...
සටහන,
එච්. ඒ. එල්. සමිත්‍රී
ව්‍යාප්ති නිලධාරි
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
උපුටාගැනීම - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුවෙන්...

22
Dec