එනසාල් පඳුරට වැලි දැමීමේ ඇත්ත කතාව ...

ඉස්සර ඉඳන් හුඟක් දෙනෙක් හිතන, දන්න කාරණාවක් තමයි එනසාල පඳුර පාමුලට, වැලි දාන එක කරන්න ඕනේ කියලා ..
එහෙම වැලි දාපුවහම අස්වනු ඇතිවෙනවා වගේම අස්වනු වැඩි වනවා කියන මතයකුත් බොහෝදෙනෙකු අතරේ ගොඩනැගිලා තියනවා ..
වැලි දැමීමමත් නෙමෙයි, පඳුර පාමුලට වැලි පුරවන අයත් ඉන්නවා අස්වනු වැඩි කර ගැනීමට ..
මෙහි ඇත්ත කතාව තමයි,
ඉස්සර නිර්දේශ කරා වසුනක් විදිහට එනසාල් පඳුර පාමුල වැලි ඇතිරීම හොඳයි කියලා ..
ඒ පඳුර පාමුල තෙතමනය ආරක්ෂාවෙන්න ..
ඒ වගේම පාමුල මඩ ගතියක් ඇති උනහොත් එම මඩ, බිඳිති ලෙසින් මල් කිණිති මත තැවරෙමින් අපිරිසිදු වීම හේතුවෙන්, එනසාල් පරාගකාරකයින් වන බිඟුපවුලේ කෘමීන් පරගකරණයට අකමැති වීමෙන් අස්වනුඅඩුවීම වලකාලීමට ..
එහෙනම් ඒ නිර්දේශ තිබුනේ වැලි පඳුර පාමුල ඇතිරීම මිසක් පඳුර පාමුල පිර වීම නොවේ ..
එලෙස වැලි පිර වීම කිසිසේත්ම නොකල යුතු දෙයක් වෙනවා ..
එමඟින් එනසාල් පඳුරට ඇතිවන්නේ දැඩි පීඩාකාරී බවක් ..
විශේෂම දේ වන්නේ, මේ වනවිට වැලි ඇතිරීමට ද නිර්දේශ නොකරන අතර ග්ලිරිසීඩියා වැනි රනිල කුලයේ ශාක පත්‍ර මඟින් එනසාල් පඳුර වටා වසුනක් ඇතිරීම වඩා සුදුසු බව නිර්දේශ කිරීමයි ...
මතක තබා ගන්න කිසිම විටෙක එනසාල් පඳුරු පාමුල වැලි පුරවන්න එපා ..

සටහන,
එච්. ඒ. එල්. සමිත්‍රී
ව්‍යාප්ති නිලධාරි
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
උපුටාගැනීම - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුවෙන්...

Chat with us!
WhatsApp Icon