ඔබේ පුවක් අස්වැන්නට වැඩි මිලක් ...
" මඩ පුවක් "
නම ඇහුව ගමන්ම මතක් වෙන්නේ ගඳ ගහන පුවක් නිෂ්පාදනයක් නේද ?
නිකන් ගඳක් නෙමෙයි, මඩ ගඳක් වහනය වන පුවක් තමයි ඔබේ මතකයට එන්නේ ...
ඇත්තටම "මඩ පුවක්" කියන නම ජලයේ ගිල්වල සකස් කරන හැම පුවක් නිෂ්පාදනයකටම අපි කියන්න හුරුවෙලා තියන නමක් ...
එහෙමත් නැත්තන් පුවක් ජලයේ ගිල්වන්නට අනුගමනය කරන එක් ක්‍රමයක් නිසාවෙන් දීපු නමක් ...
කලින් සඳහන් කරා වගේම නිවැරදිව සඳහන් කලයුතු නම තමයි " ජලයේ ගිල්වූ පුවක්" ...
වසරේ පුවක් අස්වනු බහුලව ලැබෙන කාලසීමාවේදී පුවක් මිල පහලට වැටෙනවා ...
අස්වනු අඩු කාලයේදී මිල ඉහල යනවා ...
එහෙනම් වැඩි අස්වනු ලබාදෙන මිල අඩුකාලයේදී ඔබේ පුවක් අස්වැන්න කල්තියාගන්න පුළුවන් නම් අඩු අස්වනු දෙන මිල වැඩි කාලයේදී , ඒ අස්වැන්න අලෙවි කිරීමෙන් අතමිට වැඩිපුර සරු කරගන්න ඔබට පුළුවන් වෙනවා ....
අන්න ඒකට සුදුසු කල්තබා ගැනීමේ ක්‍රමයක් විදිහට " ජලයේ ගිල්වූ පුවක් " සකස් කිරීම හඳුන්වන්න පුළුවන් ...
කොහොමද ජලයේ ගිල්වූ පුවක් නිවැරදිව සකස් කරගන්නේ ...
හොඳින් ඉඳුනු මධ්‍යම ප්‍රමාණයේ පුවක් භාවිතා කරන්න ඕනේ ...
අමුගෙඩි ඉවත් කිරීම, හොඳින් ඉදුනු ගෙඩි තවදුරටත් ප්‍රමාණයමත වෙන් කිරීම (ශ්‍රේණි කිරීම)
කරනවනම් තවදුරටත් ඔබේ අස්වැන්නට වැඩි වටිනාකමක් දෙන්න පුළුවන් ...
අනතුරුව මෙහෙම තෝරගත්ත පුවක්
මාස 4 ක් 5ක් පමණ ජලයේ ගිල්වා තියන්න ඕනේ ...
මේ විදිහට පුවක් ජලයේ ගිල්වල තියන්න පුළුවන් ක්‍රම රැසක් තියනවා ...
ගුණාත්මක නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්නට නම් දුර්ගන්ධයෙන් තොරවීම, පැහැය හා රසය වෙනස් නොවීම අතිශයින් වැදගත් වෙනවා ...
පුවක් ජලයේ ගිල්වීමේදී , පුවක් ගෙඩි තට්ටු වශයෙන් අසුරමින් පුවක් තනි ටට්ටුවක් අතරට උණ කොළ, පුවක් කොළ හෝ කුරුඳු කොළ තට්ටුවක් සමඟින් මාරුවෙන් මාරුවට ඇසීරීම මඟින් පුවක් ගෙඩිවල පැහැය ආරක්ෂා කර ගන්න පුළුවන් වෙනවා ...
ඒ වගේම දවස් 3 - 4 වරක් ජලය පල් නොවන ලෙස මාරුකිරීම මඟින් දුර්ගධය අඩුකරගන්නත් පුළුවන් වෙනවා ...
මතුපිටින්ම ඇති කොළ තට්ටුව මතින් බරක් තැබීමෙන් නිර්වායු තත්වය යටතේ සංරක්ෂණය වීමත්, ප්‍රරෝහනය වීමත් වලක්වාගන්න පුළුවන් ...
අවසානයේදී මෙම බහාලුම් වසා තැබීම මඟින් මදුරුවන් බෝවීමද වලකා ගැනීමට වගබලාගන්න ඕනේ ...
ජලයේ ගිල්වූ පුවක් වඩාත් ක්‍රමානුකූලව සෑදීම කලහොත් පුවක් මදයේ පැහැය වැඩි දියුණු වන අතර රසයද ඉහල තත්වයකට පත්වෙනවා ...
සැපීමටද පහසු වෙනවා ...
මේවා අවශ්‍ය අවස්ථාවේදී ජලය ඉවත් කර වෙළඳපලට නිකුත් කරන්න පුළුවන් ...
පුවක් ජලයේ ගිල්වීමට අනුගමනය කරන විවිධ ක්‍රම ...
කොන්ක්‍රීට් ටැංකි
නිරන්තරයෙන් ජලය මාරු කිරීමටත්, ඉහත සඳහන් කල ආකාරයට නිවැරදිව පුවක් අසුරාගත හැකි නිසාවෙනුත් පැහැය හා රසය ආරක්ෂා කරගත හැකි නිසාවෙන් ගුණාත්මක ජලයේ ගිල්වූ පුවක් සකස් කර ගැනීමට සුදුසුම වන ක්‍රමය මෙයයි ...
ගලා යන ජල මාර්ග වලින් ජලය ලබාගනිමින් පුවක් ගබඩා කිරීම
ගලා යන ජලය සහිත ඇල මාර්ග වලින් ජලය නිරන්තරව ලැබෙන ලෙස ටැංකි සාදා ඒවා තුළ නිවැරදිව පුවක් අසුරමින් ද ගුණාත්මක පුවක් නිෂ්පාදනයක් ලබාගැනීමට පුළුවන ...
මැටි මුට්ටි හෝ බැරල් භාවිතය
සුළු පරිමාණයෙන් සිදුකරන නිෂ්පාදකයින්ගේ ක්‍රමයක් වන අතර ජලය මාරුකරන්නේ නම් වඩාත් සුදුසු වෙනවා ...
මඩ පුවක් වලවල් -
ජලය හිඟ නොවන කුඹුරක් වැනි ස්ථානයක කපන ලද වළවල් මේ සඳහා යොදා ගන්නවා ... ජලය මාරු කිරීමට අපහසු නිසාවෙන් සෑදෙන නිෂ්පාදනය ඉතාමත් දුර්ගන්ධයකින් යුක්ත වෙනවා ...
ලෙල්ලේ පැහැයද ආරක්ෂා වෙන්නේ නෑ ...
ළිං භාවිතය
අත් හරින ලද ළිං භාවිතා කරනු ලබන අතර මෙහිදී ද ලැබෙන පුවක් අස්වැන්නේත් ගුණාත්මක බව අඩුවෙන්නේ ජලය මාරු කරන්න නොහැකි නිසායි ...
ඔන්න එහෙනම් " මඩ පුවක් " නෙමෙයි " ජලයේ ගිල්වූ පුවක් " නිවැරදිව සකස් කරගන ඔබේ අස්වැන්නට වැඩි මිලක් ලබාගන්න ...
සටහන,
එච්. ඒ. එල්. සමිත්‍රී
ව්‍යාප්ති නිලධාරී
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
උපුටාගැනීම - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුවෙන්...

26
Dec