පුවක් මල් වේලිලා හැලෙනවද ?

ඒකට නම් හේතු කීපයක්ම තියනවා ...

පුවක් ගහක පලවෙනි මල් මුරේ ඉඳන් මල් කිනිති තුන හතරක් හැලෙනවනම් කලබල වෙන්න ඕනේ නෑ ..
ඒ පුවක් ගහේ ස්වාභාවික විදිහ ..
ඒ විදිහට මුල් මල් කිනිති කීපයක් ගෙඩි හදල දෙන්නෙ නැතුවම පුවක් ගස් හලල දානවා ..
ඒ වගේම තමයි මල් කිනිත්තම නැතුව, කිනිත්තෙ මල් වැඩිපුර හැලෙනවනම් ඒකටත් කලබල වෙන්න ඕනේ නෑ ..
එක් මල් කිනිත්තක් ගත්තහම මේ කිනිත්තේ ගැහැණු මල් 650, පිරිමි මල් 15000 විතර වෙන වෙනම පිපෙනවා ..
ගෙඩි හදන්නේ මේ ගැහැනු මල් වලිනුත් හාරසියයක වගේ ප්‍රමාණයක් ..
සරලවම කිව්වොත් මේ ගැහැණු මල්, පිරිමි මල් එකවර පරිණත වෙන්නෙත් නෑ ..
මෙන්න මේ බාධක හමුවේ, එකම මල් කිණිත්තක ගැහැණු මල්, පිරිමි මල් සක්‍රීයව පැවතීමේ සම්භාවිතාව වන්නේත් 13% පමණ අඩු අගයක් ..
එතකොට, ඇතිවෙන ගැහැණු මල් වලින් 30 % කට පමණ තමයි ගෙඩි ඇති කරන්න හැකියාව ලැබෙන්නේ ..
දැන් තේරෙනව නේද මල් කිණිත්තක වැඩිපුර මල් ගානක් හැලිලා ගෙඩි අඩුවෙනවනම් ඒක ස්වාභාවික හේතුවක් කියලා ..
ඒවගේම තමයි පරාගණයට උදව්වෙන්නේ සුළඟ ..
ඒ හින්දා මේ සුළඟේ අඩු වැඩි බවත් පරාගනයට බලපාලා පරාගනය නොවුනු මල් ඉබේම හලල දාන එකත් පුවක් ගහේ විදිහක් ..
පරාග ප්‍රරෝහණයට ගැලපෙන උෂ්ණත්වයකුත් තියනවා ..
ඒ සෙ.ග්‍රේ 28° වගේ ..
මීට වඩා ගොඩාක් අඩු උනොත් (සෙ.ග්‍රේ. 15°) හරි ගොඩාක් වැඩි උනොත් (සෙ.ග්‍රේ. 35°) හරි පරාගනය වෙන්නෙ නැතුව මල් හැලිලා යනවා ..
අධික වැස්ස, අධික පෑවිල්ල වගේම පමණට වඩා වැස්ස පරාගණයට බාධාවක් වෙලා මල් හැලෙන්නත් පුළුවන් කියලා පැහැදිලි වෙනවා ..
පෑවිල්ලකට පස්සේ වැස්සක් ඇතිඋනහමත් මල් හැලිලා යනවා ..
විශේෂයෙන්ම පස වේළිලා වැඩීනම්, වගේම වැඩිපුර වතුර රැඳීමත් මල් හැලෙන්න හේතුවක් ..
වායුගෝලයේ තෙතමනය අඩුයි නම් ඒකත් මල් පරාගනයට බාධාවක් වෙලා මල් හැලිලා යනවා ..
පෝෂණය අඩුයි නම් ඒත් පුවක් ගහ කරන්නේ එයාට රැකෙන්න ඕන නිසා ගෙඩිහදන්න මහන්සි නොවී මල් හලල දාලා එයා රැකෙන එකයි ..
කෘමි හානි, රෝග ආසාධන හින්දත් මල් හැලෙන්න පුළුවන් ..
ලක්ෂණ අනුව ඒ ගැන හඳුන ගන්න පුළුවන් ..
පිරෙන්නම මල් කිනිත්තක මල් පිපුණ පිපුනත්,
අපි හිතන අස්වැන්නෙන් 77% ක් මල් විවෘත වීමට කලින්ම හැලෙනවා ..
පරාගණයෙන් පසුවත් මල් 2.3% පමණ හැලිල යනවා ..
ඒ වගේම පිරිමි මල් සියයට සියයක්ම වඳවෙන්නටත්, ගැහැණු මල් 3% - 54% අතර ප්‍රමාණයක් වඳ වෙන්නටත් ඉඩකඩ තියනව ..
එහෙම උනොත් ඒ මල් සියල්ලත් හැලෙනවා ..
අන්න ඒ හින්ද තමයි පුවක් ගහක් යට මල් ගොඩක් හැලිල තියනව අපි දකින්නේ ..
ගහේ ස්වාභාවික තත්ව අපිට වෙනස් කරන්න බැහැ ..
එහෙනම්, පාලනය කරන්න පුළුවන් බාහිර සාධක වෙනස් කරල අස්වනු වැඩි කරගන්න බැරිත් නැහැ ...
අවශ්‍ය වෙලාවට නිවැරදි නිර්දේශයට පොහොර ලබාදීම,
ගහ පාමුල වතුර රැඳෙන්නට නොදීම,
පායන කාලයේදී ගහ පාමුල තෙතමනය රැඳෙන්නට වසුන් භාවිතා කිරීම,
රෝගී තත්වයක්ද, පළිබෝධ හානියක්ද යන්න හරියටම අඳුනගන ප්‍රතිකාර වලට යොමු වීම,
මෙන්න මේ කියන කාරණාවන් සියල්ල පැහැදිලිව අවබෝධ කරගන වේලිලා හැලෙන පුවක් මලේ රහස හොයාගන එය වල්ක්ව ගන්න උත්සාහ කරන්න .. ඔබට යහපත් අස්වැන්නක්ලබාගන්න පුළුවන් වේවි ..

සටහන,
එච්. ඒ. එල්. සමිත්‍රී,
ව්‍යාප්ති නිලධාරි,
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
උපුටාගැනීම - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුවෙන්...

Chat with us!
WhatsApp Icon