Agrowvin Holdings Pvt Ltd
කෘෂි ක්ෂේත්රයේ ඉහළම ස්ථරයේ සිට පහළම ස්ථරය දක්වා දිවයන සම්බන්ධීකරණකින් යුතුව දිවයිනේ සිව් දෙසම ආවරණය කරන පරිදි විහිදුණු පුළුල් ආයතන ප්රවාහයකි.
ගොවිබිමේ සිට පාරිභෝගිකයා වෙත නැවුම් නිෂ්පාදන කඩිනමින්ම ලබාදීමේ වැඩසටහනක් මේ වනවිටත් දියත් කර ඇත.
ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනවලින් කෘෂිකාර්මික උපාධි හා ඩිප්ලෝමා ලබාගන්නා සිසුන් වෙනුවෙන් අප යටතේ ප්‍රායෝගික අධ්‍යනයන් සමග වටිනා රැකියා අවස්ථාවන් ලබාදීමට දැනටමත් අප සැලසුම් සකස් කර ඇත.
සුළු ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා ජාලයක් ලෙස ක්‍රියාත්මක වන නිසා බේදයකින් තොරව ඔබගේ ලාභය හිමිකගෙන ඉදිරියට යාමට අවස්ථාව නිර්මාණය කරන්නෙමු.
ඉදිරියේදී අප ආයතනය තවදුරටත් පුළුල් කරන බැවින් ආයතනික මට්ටමින් රැකියා අවස්ථා ගණනාවක් සඳහා තරුණ තරුණියන්ගේ සිහින සැබෑ කිරීමට අප පරිපාලනය සූදානම්.
- අප සමග සම්බන්ධ වන ආකාරය
- මූලික ප්රාග්ධනය සඳහා අතහිත අවැසි ඕනෑම මොහොතකදී ලබාදීම.
- වගාවට අවශ්‍ය කරන තාක්ෂණික ඥානය ලබාදීම.
- ගොවිබිම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා අමුද්‍රව්‍ය සැපයීම.
- කාබනික සහ රසායනික පොහොර (ඝන පොහොර, කැට පොහොර හා දියර පොහොර යනාදී වශයෙන්) උසස් නිමාවෙන් යුතුව ඔබ අතට පත්කිරීම.
- දේශීය හෝ විදේශීය වශයෙන් ගොවීන්ගේ නිෂ්පාදන වලට හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය කිරීම.
- නිරන්තරයෙන් වගාව හා සම්බන්ධ දත්ත එක්රැස් කිරීම, දත්ත විශ්ලේෂණය කිරීම සහ එමගින් වගාවේ ඵලදායීතාවය ඉහළ නංවාගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකරේ.
- උසස් තත්ත්වයේ නිෂ්පාදන සඳහා යොමු කරලීම.
- ඔබ වෙත ලබාදෙන නිෂ්පාදන සම්බන්ධයෙන් වගකීම සහ වගවීම.
- පහසු මිල ගණන් යටතේ වෙලඳපල නිර්මාණය කිරීම.
- ඔබට අවශ්‍ය ඕනෑම නිෂ්පාදනයක් ඕනෑම ප්‍රමාණයකින් මිලදී ගැනීමේ හැකියාව පවතී.
- ඕනෑම මොහොතක
අපගේ නියෝජිතයෙක් සම්බන්ධ කරගන්න
ඔබේ ගැටළු නිරාකරණය කරගන්න
දැක්ම
සැවොම හා එක්ව සියළු පාර්ශවයන් ශක්තිමත් කරමින් ලාංකීය කෘෂි ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා යන පෙරගමන්කරුවා බවට පත්වීම.
මෙහෙවර ප්‍රකාශය
තරගකාරී දේශීය හා විදේශීය වෙලඳපල තුළ සීමා මායිම් පුළුල් කරමින් නව අවස්ථා නිර්මාණය කරමින් ද, නිෂ්පාදනය, බෙදාහැරීම හා වෙළඳාම යන ත්‍රිවිධ කාර්යයන්ට සඵලදායී ලෙස දායක වෙමින් ද, ගුණාත්මක, කාර්යක්ෂම සහ අඛණ්ඩ සේවාවක් තුළින් කෘෂිකාර්මික ක්ෂේත්රයේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කිරීම